2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය පිළිබඳ දෙවනවර කියවීමේ විවාදයේ තුන්වන දිනය අද (16) පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ආරම්භ වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම අයවැය විවාදය නොවැම්බර් 20 වැනිදා දක්වා දින හතක් පැවැත්වෙන අතර, එදින පස්වරු 6.00ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පුරා පැවැත්වෙන අතර අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 පස්වරු 6.00ට සිදු කෙරේ. විවාද කාලසීමාව තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෙනසුරාදා දිනවලද පාර්ලිමේන්තුව රැස්වන අතර, සෑම දිනකම පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා අයවැය විවාදය සඳහා කාලය වෙන් කර ඇත.



























