ගලේවෙල සහ ත්‍රිකුණාමලයේ සිදුවූ බස් අනතුරුවලින් දෙදෙනෙකු මරුට

ගලේවෙල සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල සිදුවූ බස් රථ අනතුරු දෙකකින් පාපැදිකරුවෙකු සහ පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පළමු අනතුර දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදේශයේදී සිදුව ඇති අතර, පාපැදියක් දකුණට හැරවීමට යාමේදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් 64 හැවිරිදි දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇත.​දෙවන අනතුර ත්‍රිකුණාමලය බස් නැවතුම්පළ අසලදී සිදුව ඇති අතර, මගීන් බස්සවා රථය හැරවීමට යාමේදී පදිකයෙකු බස් රථයට යටවී මියගොස් තිබේ. මියගිය පදිකයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර, රියැදුරන්ගේ නොසැලකිලිමත්කම සහ මාර්ග නීති කඩකිරීම මෙම අනතුරුවලට හේතු වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.​සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ බස් රථ දෙකෙහි රියැදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගලේවෙල සහ ත්‍රිකුණාමලය පොලිස් ස්ථාන මඟින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,384

Leave A Reply

Your email address will not be published. Required fields are marked *