ටිබෙට් සානුවේ චීන වේලී නිසා පරිසර ගැටලු රැසක්

චීනය විසින් ටිබෙට් සානුවේ අනවශ්‍ය වේලි ඉදිකිරීම සහ පාලනයකින් තොරව කැණීම් සිදු කිරීම ලොව පුරා පරිසරවේදීන්ගේ අවධානයට යොමුව තිබෙනවා.

2024 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවකට අනුව, මීකොං ගංගා ද්‍රෝණියේ පාරිසරික ජීවීන් රැසක් මියයාමට ප්‍රධාන හේතුව චීනයේ ජල විදුලි වේලි ඉදිකිරීම් බවයි වාර්තා වන්නේ.

මීකොං ගංඟාවේ සෑම මත්ස්‍ය විශේෂ පහකින් එකක්ම වඳවීමේ යාමේ තර්ජනයකට ලක්ව සිටින බව ද පරිසරවේදීන් අනතුරු අගවා තිබෙනවා.

ලෝක වනජීවී අරමුදලේ ‘The Mekong Forgoten Fishes’ නම් වූ වාර්තාවට අනුව මත්ස්‍ය විශේෂ 1,148 න් 19%ක් වඳවී යාමට ආසන්නයි.

මෙම මත්ස්‍ය විශේෂ අතුරින් විශේෂ 74ක් වඳවී යාමේ අවදානමක් ඇති බවට තක්සේරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *