එළවළු මිල පහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් සැලකිය යුතු මට්ටමින් පහත වැටි තිබෙනවා.

විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් මෙලෙස මිල ගණන් පහත වැටි ඇති බවයි එම මධ්‍යස්ථානයේ වෙළදුන් පවසන්නේ.

ඒ අනුව අද බෝංචි කිලෝවක තොග මිල රුපියල් 80ත් 120ත් අතරත්, කැරට් තොග රුපියල් 150ත් 200ත් අතරත්, මාළු මිරිස් රුපියල් 300ත් 350ත් අතරත් පැවතියා.

එළවළු මිලදි ගැනීම සදහා පැමිණෙන වෙළෙන්දන්ගේ ද අඩුවක් පවතින බවයි දඹුල්ල ආර්ථික වෙළද මධ්‍යස්ථානයේ එළවළු තොග ව්‍යාපාරිකයෙකු සදහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 1,133

Leave A Reply

Your email address will not be published. Required fields are marked *