මියගිය පුද්ගලයෙකුගේ පෙනහැල්ලේ දතක්

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවේදී ඔහුගේ පෙනහැල්ලේ තිබී දතක් සොයාගෙන තිබෙනවා.

ඒ බලන්ගොඩ මුලික රෝහලේදී.

නිව්මෝනියාව සහ වකුගඩු රෝගි තත්ත්වයෙන් පෙළුණු (59) හැවිරිදි පුද්ගලයකුගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවේ දී මෙලෙස පෙනහැල්ලේ තිබී මෙම දත සොයාගෙන තිබෙනවා.

මිට වසර කිහිපයකට පෙර මෙම දත ගැලවී ගොස් මෙලෙස පෙනහැල්ලේ තැන්පත් වී ඇති බවයි මරණ පරීක්ෂණය සිදුකළ නිලධාරීන් අනුමාන කරනු ලබන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,133

Leave A Reply

Your email address will not be published. Required fields are marked *