දකුණු මුහුදේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය පාර්සල් 51ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබූ පාර්සල් 51ක ‘අයිස්’ (Crystal Methamphetamine), හෂීස් සහ හෙරොයින් අඩංගු බව ශ්‍රී ලංකා නාවික හමුදාව තහවුරු කර තිබේ.​නාවික හමුදා නිලධාරීන් විසින් සොයාගෙන ඊයේ (14) දින පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත ගෙන ආ මෙම මත්ද්‍රව්‍ය තොගය, කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ඌනකුරුවේ ශාන්ත’ට අයත් බවට සැක කෙරෙන බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.​දකුණු මුහුදේ සාමාන්‍ය මුර සංචාරයක යෙදී සිටියදී මුලින්ම මෙම පාර්සල් නිරීක්ෂණය වී ඇති අතර, එයින් පසු සිදුකළ මෙහෙයුමකින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,146

Leave A Reply

Your email address will not be published. Required fields are marked *