අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු එළඹෙන 10 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කරන්නේ සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු සූදානම් කිරීම් මේ වන විටත් නිම කර ඇති බවයි.මේ අතර, නේවාසිකාගාර පහසුකම් ලබන සිසුන්ට එළඹෙන 09 වැනිදා සිට යළි පැමිණීමට පහසුකම් සලසා ඇති බව ද උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



























