ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුව නැවත කැඳවයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුව විජේරාම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (7) නැවත විභාගයට ගැනුණි. එහිදී කැඳවා සිටි සාක්ෂිකරුවන් අතුරින් 115, 116 සහ 118 යන සාක්ෂිකරුවන් මෙම නඩුකරයට අදාළ නොවන බව හඳුනා ගැනීම නිසා ඔවුන් නිදහස් කිරීමට අධිකරණය පියවර ගත්තේය.​අනතුරුව නඩුවේ 117 වැනි සාක්ෂිකරුගෙන් සාක්ෂි සටහන් කරගැනීම ආරම්භ කළ අතර, එම සාක්ෂි විමසීමේ කටයුතු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය විය.​මෙම නඩුව නැවත එළඹෙන 20 වන දින කැඳවීමට නියමිත අතර, එදිනට සාක්ෂි ලබාදීම සඳහා 4 වැනි සාක්ෂිකරුට සහ 117 වැනි සාක්ෂිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,274

Leave A Reply

Your email address will not be published. Required fields are marked *