ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාවන් සංශෝධනය කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ කිහිපයක් ඇතුළත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිල වශයෙන් ගැසට් කර තිබේ.මෙම නව සංශෝධනයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාමික වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාමික වයස අවුරුදු 65 දක්වාත් දීර්ඝ කිරීමට යෝජිතය. එමෙන්ම, අගවිනිසුරුවරයාගේ විශ්‍රාම වයස අවුරුදු 67 සම්පූර්ණ වන දිනය හෝ එම ධුරයේ වසර 06ක් සේවය නිමවන දිනය යන දෙකෙන් පළමුව උදාවන අවස්ථාව සැලකිල්ලට ගැනීමට නියමිතය.මීට අමතරව, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීමට ද අදාළ පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත.



























