සෞදි අරාබිය තුළ මතුව ඇති යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ සහ සෞදි අරාබියේ දමාම් හා රියාද් අතර ක්රියාත්මක ගුවන් ගමන් සේවා නොවැම්බර් මස 01 වැනිදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශ්රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ.ගුවන් මගීන්ගේ මෙන්ම කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගත් බවත්, වාණිජ ගුවන් ගමන් සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වූ වහාම මෙම සේවාවන් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් එම ආයතනය පවසයි.මේ හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරන ගුවන් සමාගම, වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා සිය සංචාරක නියෝජිතයන් හමුවන ලෙස හෝ 1979 (ක්ෂණික ඇමතුම්), +94 117 771 979 (ජාත්යන්තර) සහ +94 744 441 979 (WhatsApp) යන අංක ඔස්සේ සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටියි.



























