බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට තද වැසි සහ සුළං

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වලාකුළු බර කාලගුණ තත්ත්වයත් සමඟ බස්නාහිර, සබරගමුව, වයඹ, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම සබරගමුව පළාත මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි බලාපොරොත්තු විය හැක.​මීට අමතරව, ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයට පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. එමෙන්ම උතුරු-මැද, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත් හරහා පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර වේගයකින් යුතු තරමක තද සුළං තත්ත්වයක් ද විටින් විට ඇතිවිය හැක.​ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අවස්ථාවලදී තාවකාලිකව ඇතිවන තද සුළං මඟින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,270

Leave A Reply

Your email address will not be published. Required fields are marked *