මෙන්ඩිස් සමාගම් අල්ලස් නඩුවෙන් විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා යළි රිමාන්ඩ්

මෙන්ඩිස් අරක්කු සමාගමෙන් රුපියල් ලක්ෂ 210 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින කළුතර සහ අලුත්ගම හිටපු සුරාබදු අධිකාරී, විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් චන්න ජයනාත් අල්විස් වීරක්කොඩි ලබන මස 01 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.​2015 සහ 2016 වර්ෂවලදී චෙක්පත් 15ක් මගින් මෙම අල්ලස් මුදල් ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දී ඇත. මෙන්ඩිස් සමාගම රජයට ගෙවිය යුතු බදු මුදල් අඩු කර පෙන්වීම සඳහා මෙම අල්ලස ලබාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.​සැකකරුගේ දියණියගේ අසනීප තත්ත්වය පදනම් කරගනිමින් ආරක්ෂක පාර්ශ්වය විසින් කළ ඇප ඉල්ලීම, විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කළ හැකි බවට කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,429

Leave A Reply

Your email address will not be published. Required fields are marked *