ශෂී වීරවංශගේ වසර දෙකක සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කෙරේ

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ වරදට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට පැනවූ වසර දෙකක සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කර ඇත. ඇය විසින් ඉදිරිපත් කළ අභියාචනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමිනි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.​අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව, අධිකරණයේ පෙනී සිටි ශෂී වීරවංශ මහත්මිය වහාම රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත්, අදාළ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 1,429

Leave A Reply

Your email address will not be published. Required fields are marked *