අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල ඇති වූ ගැටුම්කාරී සිද්ධියට අදාළව සිදු කෙරෙන විමර්ශනවලට අනුව රාජාංගණයේ සද්ධාරතන හිමියන් අනුරාධපුර පොලීසිය විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනීමට පෙර අද පෙරවරුවේ උන්වහන්සේගෙන් සහ තවත් පුද්ගලයෙකුගෙන් පොලීසිය විසින් ප්‍රශ්න කිරීම් සිදු කර තිබුණා.මෙම සිද්ධියට අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති සද්ධාරතන හිමියන් ඇතුළු පිරිස අත්අඩංගුවට නොගැනීමට හේතු විමසීම සඳහා නොවැම්බර් 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දිනයේදී අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියෝග කර තිබුණා. එම අධිකරණ නියෝගයෙන් දිනකට පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.



























