රේල් පාරේ බස් රථයක් පැදවූ රියැදුරා බන්ධනාගාරයට

අන්තරාදායක ලෙස දුම්රිය මාර්ගයේ බස් රථයක් ධාවනය කළ රියැදුරා අත්අඩංගුවට ගෙන අදිකරණයට ඉදිරිපත් කළ පසුව ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට තිබෙනවා.

සැකකරු ඊයේ පස්වරුවේ ඇඹිලිපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල පොලිසියට බාර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.

සැකකරු මිණීමැරීමට තැත් කිරීම, රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී ධාවනය කිරීම, විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර ධාවනය කිරීම හා රාජ්‍ය දේපළවලට අලාභහානි කිරීම යන චෝදනා යටතේ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

What's your reaction?

Related Posts

1 of 1,196

Leave A Reply

Your email address will not be published. Required fields are marked *