මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ එහි ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් අද (08) විවෘත වී ඇත.අද පස්වරු 1.16 වන විට ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 438.04 දක්වා ඉහළ ගොස් තිබූ අතර, විවෘත වූ දොරටු දෙක හරහා තත්පරයට ඝන මීටර් 159ක ජල ප්‍රමාණයක් මහවැලි ගඟට මුදාහැරේ.මේ හේතුවෙන් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසත්, ගඟට බැසීමෙන් හෝ ජලය භාවිතයෙන් වළකින ලෙසත් උපදෙස් දී තිබේ.



























