2026 පොපි මල් දින සැමරුම පැවැත්වෙයි

2026 පොපි මල් දින සැමරුම් උත්සවය අද (08) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී උත්සවාකාරයෙන් පැවැත්විණි.​අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, ලෝක යුද්ධවලදී දිවි පිදූ හමුදා සාමාජිකයන් සිහිපත් කරමින් ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරිණි.​මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක ලේකම් ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 1,413

Leave A Reply

Your email address will not be published. Required fields are marked *