තමන් මුහුණ දී සිටින ගැටලු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් දිවයින පුරා පිහිටි සංවර්ධන නිලධාරීන් හෙට (09) දින සේවයට වාර්තා නොකර “ලෙඩ නිවාඩු” දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත.කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේ, තමන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඊට කිසිදු සාධනීය විසඳුමක් ලැබී නොමැති බවයි.බලධාරීන්ගේ මෙම අවධානය යොමු නොකිරීමේ පිළිවෙතට විරෝධය පළ කරමින් හෙට දිනයේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නියත වශයෙන්ම ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් තහවුරු කළේය.



























