සුරේෂ් සලේගේ පෙත්සම සමඟ ගොනුකළ අතරමැදි පෙත්සම් 10 වැනි දිනට කල් යයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කළ මූලික පෙත්සමට අදාළව ගොනුකළ අතරමැදි පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ අද (06) යළි සලකා බැලුණි.​මෙම අවස්ථාවේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු අතරමැදි පෙත්සම් පාර්ශ්වය නියෝජනය කළ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වීම සිදු කරන ලදී. ඒ අනුව, එම අතරමැදි පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන 10 වැනි දින දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,317

Leave A Reply

Your email address will not be published. Required fields are marked *