රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් එම පක්ෂයේ මහ ලේකම්, නීතිඥ තලතා අතුකෝරාල විසින් වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.ලබන අගෝස්තු 18 වනදා දක්වා මැගසින් බන්ධනාගාරයේ පසුවන අකිල විරාජ් කාරියවසම් මේ වන විට බන්ධනාගාර පාලනාධිකාරිය භාරයේ සිටින බැවින්, ඔහුගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස එමගින් පෙන්වා දී ඇත.ඊට අමතරව, මෙම කරුණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සහ තමන් වෙත ඉක්මන් හමුවීමක් ලබාදෙන ලෙස ද මහ ලේකම්වරිය අදාළ ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.



























