හැටන්, පොල්පිටිය ප්‍රදේශයේදී නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයන් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මෙම හදිසි අනතුර සිදුවී ඇති අතර, අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක කර ඇත.මේ වන විටත් හදිසි සහන කණ්ඩායම් සහ ආරක්ෂක අංශ එක්ව අදාළ ප්‍රදේශයේ දැඩි සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යමින් පවතී.



























