2027 අලුත් අවුරුදු නැකත් කාලසටහන ප්‍රකාශයට පත්කෙරේ

2027 වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අප්‍රේල් මස 14 වන බදාදා දිනට යෙදී තිබේ. ඒ අනුව, අලුත් අවුරුදු උදාව එදින අපරභාග 03.29ට සිදුවන අතර, අප්‍රේල් මස 14 වන දින පූර්වභාග 9.05 සිට එදින අපරභාග 9.53 දක්වා පුණ්‍ය කාලය සැලකේ.​කොළ පැහැති ඇඳුමින් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා මුං කිරිබතින් හා කැවිලිවලින් සංග්‍රහ කරමින් අප්‍රේල් 14 වන දින අපරභාග 6.18ට ආහාර පිසීම සිදුකළ යුතුය. එම දිනයේම අපරභාග 8.18ට උතුරු දිශාව බලා වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය මැනවි.​නව වසරේ හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් 17 වන සෙනසුරාදා පූර්වභාග 07.04ට යෙදී ඇති අතර, නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී උතුරු දිශාව බලා නුගපත් සහ කරඳ පත් පාවිච්චි කරමින් එය කළ යුතුය. එසේම, රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අප්‍රේල් 21 වන බදාදා පූර්වභාග 06.15ට යෙදී තිබෙන අතර, කොළ පැහැති ඇඳුමින් සැරසී දකුණු දිශාව බලා පිටත්ව යාම සුදුසු වේ.

What's your reaction?

Related Posts

1 of 1,301

Leave A Reply

Your email address will not be published. Required fields are marked *