ශ්‍රී ලංකාවේ ප්‍රථම මගී ඩ්‍රෝන යානා නිල අත්හදා බැලීම සාර්ථකව සිදු කෙරේ

​ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සහ ගුවන් ප්‍රවාහන සේවාව නව මාවතකට යොමු කරමින්, විදුලි බලයෙන් ක්‍රියාකරන නියමුවන් රහිත මගී ඩ්‍රෝන සේවාවක ප්‍රථම නිල අත්හදා බැලීම අද (11) කොළඹදී සාර්ථකව සිදුකරන ලදී. බලශක්ති, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විදේශීය නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව පැවැත්විණි.​eVTOL තාක්ෂණයෙන් යුත් මෙම ඩ්‍රෝන යානා සඳහා ධාවන පථයක් අවශ්‍ය නොවන අතර සිරස්ව ගුවන්ගත වීමට හා ගොඩබැස්සවීමට හැකියාව පවතී. මගීන් දෙදෙනෙකුට ගමන් කළ හැකි මෙම යානය ප්‍රචාලක 16ක්, බැටරි කට්ටල 12ක් සහ අතිනවීන පාලන පද්ධතිවලින් සමන්විත වන අතර ඉදිරියේදී සංචාරක, මගී ප්‍රවාහන හා හදිසි සේවා සඳහා යොදාගැනීමට නියමිතය.​මෙම අත්හදා බැලීම සාර්ථක වීම මෙරට ගුවන් සේවා හා සංචාරක ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළීමක් බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය. ලෝකයේ භාවිත වන නවීන තාක්ෂණය මෙරටට හඳුන්වාදීම තුළින් දියුණු රටවල් හා කරට කර යෑමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙන බව නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,418

Leave A Reply

Your email address will not be published. Required fields are marked *