හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (11) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනීමට නියමිතය.2023 වසරේදී බිරිඳගේ උපාධි ප්රදානෝත්සවය සඳහා එක්සත් රාජධානියට ගිය ගමනේදී රුපියල් මිලියන 16.6කට අධික රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා ඇත.සිද්ධියට අදාළ විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමුකර ඇති අතර, ඉදිරි නීතිමය ක්රියාමාර්ග සහ නීතිපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ කරුණු අද දිනයේ අධිකරණය හමුවේ වාර්තා කිරීමට නියමිතව තිබේ.



























