20යි 20 ක්‍රිකට් මාස්ටර්ස් ශූරතාව ඉන්දියාවට…

ඉන්දීය කණ්ඩායම මෙවර ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ය.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගය කඩුලු 6 කින් ජය ගනිමින් ය.

ඉන්දියාවේ, රායිපූර්හිදි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම තීරණය කළේ, පළමුව පන්දුවට පහර දීමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම, පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 148 කි.

ලෙන්ඩ්ල් සිමන්ස් ලකුණු 57 කි.

ලකුණු 149 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 17 යි පන්දුවක් තුළ කඩුලු 4 ක් දැවී සිටියදී තරගය ජය ගත්තේ ය.

නායක සචින් තෙන්ඩුල්කාර් ලකුණු 25 කි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ අම්බාති රායුඩු පන්දු 50 කදී ලකුණු 74 ක් රැස් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 1,107

Leave A Reply

Your email address will not be published. Required fields are marked *