ඉදිරි අයවැය ඉදිරිපත් කිරීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ මෙරට මූල්‍ය රාමුව පිළිබඳ නිශ්චිත එකඟතාවකට පැමිණීම අත්‍යවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. නවතම සාකච්ඡා වලින් තවමත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ප්‍රකාශයට පත් වී නොමැති පසුබිමක, මෙම මූල්‍ය කටයුතු රජයේ මධ්‍යකාලීන සැලසුම් සමඟ තදින් බැඳී පවතින බව ඔහු පෙන්වා දෙයි.කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමේදී ඔවුන් ඉදිරිපත් කරන සෑම කොන්දේසියක්ම අන්ධ ලෙස පිළිගත යුතු නැති බවත්, රටට ගැළපෙන අයුරින් කරුණු සාකච්ඡා කර ස්ථාවරයක පිහිටීමට රජයට හැකියාව තිබිය යුතු බවත් හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



























