මධ්‍යම පළාතට බලපා ඇති අධික වර්ෂාපතනය සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවල පිහිටි පාසල් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබේ.ඒ අනුව, පවතින තත්ත්වය මත එම පාසල් අවශ්‍යතාවය පරිදි වසා තැබීමට පියවර ගන්නා ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.



























