අස්වැසුම සුබසාධක වැඩසටහන යටතේ අප්‍රේල් මාසයට අදාළ මූල්‍ය දීමනා හෙට (22) දිනයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කිරීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තහවුරු කරයි. මෙම ගෙවීම් අදියර යටතේ වයස අවුරුදු 70 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සහන සැලසෙන අතර, හෙට සිට තම ගිණුම් හරහා එම මුදල් ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි වේ.මෙහිදී පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ වැඩිහිටියන් 617,406 දෙනෙකු වෙනුවෙන් රුපියල් බිලියන 3.08 ක මුදලක් රජය විසින් වෙන් කර ඇත. මීට අමතරව, දෙවන අදියරේ සහනලාභීන් ලෙස තේරී පත්වූ තවත් වැඩිහිටියන් 72,525 දෙනෙකු සඳහා රුපියල් මිලියන 362 ක මුදලක් පිරිනැමීමට නියමිතය. ප්‍රතිලාභීන්ගේ සුබසාධනය උදෙසා ක්‍රියාත්මක මෙම මූල්‍ය ප්‍රතිපාදන කිසිදු බාධාවකින් තොරව අදාළ බැංකු ජාලය හරහා මුදාහැරීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර තිබේ.

























