බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්ය නියෝග සංශෝධනය කිරීම සඳහා පත්කළ විශේෂ කමිටුවේ අතුරු වාර්තාව අද (14) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාරදී ඇත.මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති සාකච්ඡාවකදී ගත් තීරණයකට අනුව මෙම කමිටුව පත්කෙරුණු අතර, භික්ෂූන් වහන්සේලා ඇතුළු පූජ්ය පක්ෂය බන්ධනාගාරගත කිරීමේදී බලපාන රෙගුලාසි සංශෝධනය සඳහා වන යෝජනා මෙහි අන්තර්ගත වේ.කමිටු සභාපති බුද්ධශාසන අමාත්යාංශයේ ලේකම් ප්රින්ස් සේනාධීර මහතා ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපති කාර්යාලයේදී මෙම වාර්තාව ජනාධිපති ලේකම්වරයා වෙත පිළිගන්වන ලදී.



























