දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය සඳහා අයැදුම්පත් භාරගැනීම අප්‍රේල් 30 දක්වා දීර්ඝ කෙරේ

2026 වර්ෂයේ දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය සඳහා අයැදුම් කිරීමට අපේක්ෂාවෙන් පසුවන ගුරු භවතුන් වෙත විශේෂ දැනුම්දීමක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇත. ඒ අනුව, මීට පෙර අප්‍රේල් මස 20 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ අයැදුම්පත් භාරගැනීමේ කාලසීමාව, අයැදුම්කරුවන්ගේ පහසුව උදෙසා අප්‍රේල් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න මහතා තීරණය කර තිබේ. දහම් පාසල් ගුරුවරුන්ගේ වෘත්තීය නිපුණතාවය මැන බැලීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම විභාගය සඳහා සහභාගී වීමට මෙය කදිම අවස්ථාවකි.​අයැදුම්පත් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අයැදුම්කරුවන්ට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන dbagovlk.org හෝ දහම් පාසල් අංශයේ වෙබ් අඩවිය (www.dbadhammaschool.giize.com) හරහා අදාළ කටයුතු සිදු කරගත හැකිය. මීට අමතරව Google Play Store හි පවතින “Dhamma School” ජංගම යෙදුම (App) භාවිතයෙන් ද වඩාත් පහසුවෙන් අයැදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතින බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. සීමිත කාලයක් පවතින බැවින් හැකි ඉක්මනින් ලියාපදිංචි වන ලෙස ගුරු භවතුන්ගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,106

Leave A Reply

Your email address will not be published. Required fields are marked *