ඉදිරි දින කිහිපයේදී පස්වරු කාලයේ වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වර්ෂාපතනයක් හිමිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සූදානම් කර ඇති නවතම වාර්තාවල දැක්වේ. ඉදිරි දින කිහිපය තුළ වලාකුළු වර්ධනය වීමත් සමඟ සිව්වන හෝ පස්වන දින වන විට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.​මෙම වායුගෝලීය තත්ත්වය හමුවේ තද වැසි මෙන්ම ප්‍රබල අකුණු අනතුරු ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බැවින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නිල නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා මහජනතාවට දැනුම් දෙයි.​මේ අතර අනුරාධපුරය, කොළඹ, ගම්පහ, මහනුවර, ගාල්ල, මාතර, රත්නපුර, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක 22 කට බලපාන පරිදි අකුණු පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ “තැඹිලි පැහැති” නිවේදනයක් ද නිකුත් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,411

Leave A Reply

Your email address will not be published. Required fields are marked *