‘රටම එකට’ වැඩසටහනට සමගාමීව සිත්සෙවන ළමා නිවාසයේ දරුවන්ට දානමය පිංකමක්

රට තුළ ක්‍රියාත්මක වන ‘රටම එකට’ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට වසරක් පිරීම නිමිත්තෙන් තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සහ පොලිස් නිලධාරීන්ගේ දායකත්වයෙන් විශේෂ සමාජ සත්කාරක වැඩසටහනක් පවත්වන ලදී. ඒ යටතේ තණමල්විල සිත්සෙවන ළමා නිවාසයේ සිටින දරුවන් 85 දෙනෙකු සඳහා විශේෂ දානමය පින්කමක් සංවිධානය කර තිබිණි.​පොලිස් ස්ථාන කාර්ය මණ්ඩලයේ එකමුතුවෙන් ක්‍රියාත්මක වූ මෙම සමාජ සත්කාරක වැඩසටහන හරහා ළමා නිවාසයේ දරුවන් වෙත ආහාරපාන පිරිනමමින් ඔවුන්ට ආශීර්වාද එක්කිරීමට කටයුතු කර තිබුණි.

What's your reaction?

Related Posts

1 of 1,410

Leave A Reply

Your email address will not be published. Required fields are marked *