ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අරුතක් එක්කරමින් අවුකන පුදබිම පිරිසිදු කිරීමට දායක වන විදේශිකයකු

අවුකන පුදබිමේ සිට ආගමික කටයුතුවල නිරතවන අතරතුර ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අරුතක් එක්කරමින් අවුකන පුදබිම පිරිසිදු කිරීමට දායක වන විදේශිකයකු අපට අවුකන විහාරස්ථානයේදී හමුවිය.
ඔස්ට්‍රියානු ජාතිකයකු වන ඔහු ඉකුත් දිනවල මෙරට සංචාරයකට පැමිණ තිබේ. ඔස්ට්‍රියාවේ ඉන්ස්බෘක් ප්‍රෙද්ශයේ පදිංචි ඔහු එරට කාර්මික ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරන 58 හැවිරිදි වියෙහි පසුවන අයෙකි. ඔහු නමින් ජෝසෆ් ඔට්සර් නම්වෙයි.
ඔහු පලමු වරට අවුකන පුදබිම වන්දනාමාන කිරීමට පැමිණ ඇත්තේ 1988 වසරේදීය. පසුව අවුකන බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් ඇති වූ බුද්ධාලම්භන ප්‍රීය හේතුවෙන්ම ඔහු යළීත් අවුකන පුදබිම වෙත පැමිණ භාවනා කටයුතු ආදියෙහි නිරතවීමට තීරණය කර තිබේ.
උපතින් කතෝලික බැතිමතකු වූ ජෝසෆ් ඔට්සර් බුදු දහම කෙරෙහි දක්වන්නේ අපරිමිත භක්තියකි.එසේම ලෝකප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමාවද ඔහු සිත් ඇදබැදගත් ස්ථානයක් වී ඇති බව ද ජෝසෆ් මහතා පවසයි. ඔස්ට්‍රියාවේ සිට පැමිණ ඇති ජෝසෆ් මහතා මේ දිනවල අවුකන පුදබිමේ භාවනා හා ආගමික වතාවත්වල යෙදෙන අතරතුර එම පුදබිම ආශ්‍රිත ප්‍රෙද්ශය සිය දෑතින් පිරිසිදු කිරීමටත් පටන් ගෙන තිබේ. එය තමා ඉතා භක්තියෙන් යුතව බුදුන්වහන්සේට කරන සැලකිල්ලක් බවත් ඔහු පවසයි. ආගම දහමට මෙන්ම පරිසරයට ද දැඩි සේ ආදරය කරන ජෝසෆ් අප රට වැසියන්ට ලබා දෙන්නේ ඉමහත් ආදර්ශයකි. ඒ මේ දිනවල ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට අරුතක් එක්කරමින් ජෝසෆ් ද මේ වනවිට අවුකන බුද්ධ ප්‍රථීමා වහන්සේ ඇතුළත් එම පුද බිම මුලුමණීන්ම පිරිසිදු කිරීමේ කාර්යයට දායකව සිටී.
වන්දනාකරුවන් විසින් පරිසරයට එක්කර ඇති අපද්‍රව්‍ය එකතු කරමින් එමඟින් පරිසරයට වන හානිය හා පරිසරයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් වූ කාරනාද ජනතාව වෙත පැහැදිලි කරමින් ජොසෆ් මෙලෙස එම පිරිසිදු කිරීමේ කටයුතු වල නිරතව සිටීම ද විශේෂත්වයකි.
විශ්‍රාම යාමට ආසන්න වයසේ පසුවන ජෝසෆ් පැවැසූයේ විශ්‍රාම ගැනීමෙන් අනතුරුව නැවත අවුකන පුදබිම වෙත පැමිණ විශ්‍රාම සුවය මෙන්ම අවුකන ප්‍රථීමා වහන්සේගෙන් සම්බුදු සිසිලස විඳීමට අපේක්ෂා කරන බවයි.
මෙරට පරිසරය ඇතුළු සියළු ක්ෂේත්‍රයන් පිරිසිදු කරමින් ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනට සහය වන විදේශිකයකු ලෙස ජෝසෆ් අවුකන පුද බිමේ සිට පරිසරය ආරක්ෂා කිරීම හා පරිසරයේ වැදගත්කම පිළීබවද අප රටේ ජනතාවට එක් කරන්නේ වැදගත් පණීවිඩයකි.
අවුකන රජමහ විහාරාධිපති ප්‍රජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියෝ ජොසෆ් මහතා සම්බන්ධයෙන් පැවැසූයේ මෙවන් අදහසකි..
ජෝෂප් මහත්මයා 1988 දී තමයි මුල් වතාවේ මෙම පුණ්‍ය භූමියට පැමිණීයේ. එදා ඒ මහත්මයාගේ සිතේ ඓයිතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ ගැන විශාල භක්තියක් ඇති වෙලා තියෙනවා. ඒ ඇති වූ පැහැදීම නිසා ඒ මහත්වා හැකි අවස්ථාවන්වල වසර ගණනකට සැරයක් වත් මෙම ස්ථානයට ඇවිල්ල යනවා. මේ වතාවේ විහාරස්ථානයෙ දවස් කිහිපයක් නතර වෙලා ඉන්න තීරනය කරලා තියෙනවා. ඉතිං එහෙම ඉන්න අතරේ ඔහු දිනපතා ආගමික වතාවත්වල යෙදෙනවා. ආගමික වතාවත්වල යෙදිමෙන් නතුරුව විහාර භූමිය ශුද්ධ පවිත්‍ර කිරීම් කටයුතු වල නිරත වනවා. මළුව අතුගාල කුනුරොඩු ඔක්කොම විධීමත්ව බැහැර කරනවා. එයා බොහොම ශ්‍රද්ධාවෙන් තමයි ඒක කරන්නේ.සියලුම කසල එයා වෙන් වෙන්ව අසුරන්නේ දිරන නොදිරණ ප්ලිස්ටික් කාඩ්බෝඩ්. විදියට. ඊට පස්සේ එතුමා ඒවා වෙනම ඉවත් කිරීමට පහසු විදියට වෙනම ගබඩා කරනවා. එයාගේ රටේ ගමේ පරිසරය හරිම සුන්දරයි කියනවා. ඒ වගේ අපේ රටේ පරිසරයත් තියෙනවනම් කොච්චර ලස්සනද කියලා තමයි එතුමා කියන්නේ. එතුමා පරිසරයට හරිම ආදරෙයි. මේ වතාවේ ඇවිත් එතුමා අපෙ දහම්පාසැලේ දරුවන්ට පොත්පත් එහෙම තෑගි දීලා දරුවන්ටත් පාඩමක් කියලා දුවන්නා පරිසරය ආරක්ෂා කිරීම හා එහි ඇති වැදගත්කමත් ගැනත්. ජෝෂෆ් මහතා අවුකන බුද්ධ ප්‍රථිමා වහන්සේ අභීයස භාවනා වැඩීමට වැඩි කැමැත්තක් දක්වනවා. දවසක ්එළීවෙන තුරුම පිළීමය අභීයස භාවනා කළා. එයින් ඔහුගේ හිතට විශාල සහනයක් තියෙනවා කියලා කියනවා. ඔහු කියන්නේ අවුකනට ආවම මොකක්දෝ පෙරපුරුදු ගතියක් දැනෙනවා කියලා. සමහරවිට එතුමා දැන් විදේශ රටක හිටියත් මෙම ස්ථානය සමඟ ඇති ආත්මීය බැදීමක් වෙන්නත් පුලුවන්. මේ දවස්වල අපේ වත්මන් ජනාධීපති තුමාගේ ක්ලීනින් ශ්‍රී ලංකා වැඩ සටහන ගැන අහල එයා ගොඩක් සතුටු වුනා ඊට පස්සේ තමා එතුමත් එම වැඩ සටහනට ලබා දෙන සහයෝගයක් විදියට විහාරස්ථානය හා අවට පරිසරය සම්පූර්ණයෙන්ම තමන්ගේ මහන්සියෙන් ශුද්ධ පවිත්‍ර කරන්න පටන් ගත්තා. එතුමාගේ වැඩ හරිම පිළීවෙලයි. අපට එම චරිතය තුළින් උගතයුතු පාඩම් බොහොමයි. විදේශිකයකු වුවත් ඔහු අප රටේ පරිසරය සම්බන්ධයෙන් දක්වන සංවේදීතාවය හා එය ආරක්ෂාකර ගැනීමේ වැදගත්කම පිළීබදව අප රටේ ජනතාවට ඉමහත් ආදර්ශයක් සපයනබව කිව යුතුයි. විශ්‍රාම ගැනීමෙන් අනතුරුව අවුකන පුද බිමට පැමිණ විවේකීව හා ආගමානුකූලව ජීවිතය ගෙවන්න බලාපොරොත්ුතවක් තියෙනවා කියලා තමා එතුමා කියන්නේ.

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *