ප්‍රසිද්ධ කාවන්තිස්ස හස්තියා මිය යාමට සැබෑ හේතුව මහාන්ත්‍රයේ ඇති වූ ගැටගැසීමක් (Intestinal torsion/volvulus) සහ ඒ ආශ්‍රිතව හටගත් සෙප්ටික් කම්පනය බව අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මඟින් තහවුරු වී ඇත. ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා විවෘත අධිකරණයේදී මෙම කරුණු අනාවරණය කළේය.කාවන්තිස්ස හස්තියාගේ මරණයට අදාළ නඩුව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීම මෙම වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කෙරිණි. විෂබීජ ආසාදනයක් උත්සන්න වීම හේතුවෙන් රුධිර පීඩනය තදින් පහත වැටී අභ්‍යන්තර අවයව අක්‍රිය වීම ‘සෙප්ටික් කම්පනය’ ලෙස හැඳින්වේ.



























