ඥානසාර හිමියන්ට නියම වූ වසර 4ක සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කළ බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබෙනවා. අදාළ දඬුවමින් තමන් වහන්සේ නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නා.​2016 වසරේ මාර්තු 30 වැනිදා කොළඹ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකින් ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කළ බවට උන්වහන්සේට චෝදනා එල්ල වී තිබුණා. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 වන වගන්තිය යටතේ නීතිපතිවරයා පවරා තිබූ මෙම නඩුවේදී ඥානසාර හිමියන් 2024 වසරේදී මහාධිකරණය හමුවේ වරදකරු වූ අතර, එම තීන්දුවට එරෙහිව මෙම අභියාචනය ගොනු කර තිබුණා.

What's your reaction?

Related Posts

1 of 1,429

Leave A Reply

Your email address will not be published. Required fields are marked *