අද (28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වීමට ඉඩ ඇත.මීට අමතරව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි අතර, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සාමාන්‍යයෙන් වියළි කාලගුණික ස්වභාවයක් පවතිනු ඇත.කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරු-මැද පළාත් මෙන්ම හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇති විය හැකි බැවින් ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.

























