දිවයිනේ ප්‍රදේශ රැසකට තද සුළං සමඟ වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් ඇතුළුව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව අනුරාධපුරය සහ හම්බන්තොට යන ප්‍රදේශවලට ද සුළු වශයෙන් වැසි වැටීමේ හැකියාවක් පවතී.​මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්, උතුරු සහ උතුරු-මැද පළාත් මෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් හමන තද සුළං බලාපොරොත්තු විය හැක. දිවයිනේ සෙසු පළාත්වල ද පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර ප්‍රමාණයක තරමක තද සුළං තත්ත්වයක් වර්ධනය විය හැකියි.​ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව හටගන්නා දැඩි සුළං තත්ත්වයන්ගෙන් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,180

Leave A Reply

Your email address will not be published. Required fields are marked *