සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල බව බිරිඳ පවසයි

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට ඉතා අසාධ්‍ය මට්ටමක පවතින බව ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය ප්‍රකාශ කරයි. අද (08) පස්වරුවේ රෝහල වෙත පැමිණ ඔහුගේ සුවදුක් විමසීමෙන් අනතුරුව ඇය මාධ්‍ය වෙත මේ බව අනාවරණය කළාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී තමන්ට එල්ල වූ අමානුෂික සැලකීම්වලට විරෝධය පළ කරමින් සුරේෂ් සලේ මහතා ආරම්භ කළ උපවාස ක්‍රියාමාර්ගය රෝහල්ගතව සිටියදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පවුලේ සාමාජිකයෝ සහතික කරති.​රෝහල් පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට හැඟීම්බරව පිළිතුරු දුන් ඇය කියා සිටියේ, සලේ මහතා මේ වන තෙක් කිසිදු ආහාරයක් හෝ පානයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් තම උපවාසය ස්ථාවරව ඉදිරියටම කරගෙන යන බවයි. වෛද්‍යවරුන් විසින් ඔහුගේ තත්ත්වය නිරන්තරයෙන් පරීක්ෂා කරමින් සේලයින් ලබා දීමට පියවර ගෙන තිබුණ ද, ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම වර්ජනය කිරීම හේතුවෙන් ඔහුගේ ශරීරය බෙහෙවින් දුර්වල වී ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

What's your reaction?

Related Posts

1 of 1,179

Leave A Reply

Your email address will not be published. Required fields are marked *