ගල්කිස්ස සොයිසාපුර ප්රදේශයේ අවන්හල් හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කර කාන්තාවකට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 20 වනදා සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.අත්අඩංගුවට පත් පුද්ගලයන් අවුරුදු 28 සහ 36 යන වයස්වල පසුවන කහතුඩුව සහ රත්මලාන ප්රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. මොවුන් අදාළ අපරාධයට කුමන්ත්රණය කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ගල්කිස්ස සහ කහතුඩුව පොලිස් වසම්වලදී අත්අඩංගුවට ගෙන ඇත.සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරනු ලබයි.



























