දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ. සෙසු ප්‍රදේශවල බොහෝමයකට පස්වරු 1.00න් පසුව වැසි අපේක්ෂා කළ හැකිය.​විශේෂයෙන්ම උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලදී මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.​මීට අමතරව, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බැවින් රියැදුරන් ප්‍රවේශම් වන ලෙස දන්වා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,381

Leave A Reply

Your email address will not be published. Required fields are marked *