බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඉදිරියේදී වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකියි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි පතිත විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊට අමතරව, අනුරාධපුරය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර, අම්පාර, මොණරාගල සහ මඩකලපුව ප්‍රදේශවල දහවල් 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැටීමේ හැකියාවක් පවතී.මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් මෙන්ම ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර ප්‍රබල සුළං ඇති විය හැකි බවට අවධාරණය කර ඇත. දිවයිනේ ඉතිරි ප්‍රදේශවල සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්ත්වයක් අඛණ්ඩව පවතිනු ඇත.ගිගුරුම් සහිත වැසි සමඟ හමා යන තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා කඩිනමින් සුදුසු පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවට විශේෂයෙන් දැනුම් දෙයි.



























