දෙණියායේ දිය නෑමට ගිය නුගේගොඩ තරුණයින් 4 දෙනෙකු අතුරුදහන්

දෙණියාය, බෙවරලිය ප්‍රදේශයේ ඇළක දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසයි.​නුගේගොඩ ප්‍රදේශයේ සිට පුද්ගලයින් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් චාරිකාවක් සඳහා මෙම ප්‍රදේශයට පැමිණ ඇති අතර, අද (07) පස්වරුවේ දිය නාමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබේ.​අතුරුදහන් වූ පිරිස සෙවීම සඳහා ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව පොලිසිය මගින් විශේෂ සෙවුම් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,412

Leave A Reply

Your email address will not be published. Required fields are marked *