දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් සුරේෂ් සලේගේ රඳවා තබා ගැනීමේ නියෝගය සම්බන්ධයෙන් චෝදනා

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රඳවා තබා ගැනීමේ නියෝගය දීර්ඝ කිරීමේ අරමුණින් විමර්ශන නිලධාරීන් සහ පාර්ශ්ව කිහිපයක් අධිකරණයට වැරදි තොරතුරු සපයා ඇති බව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා සඳහන් කළේ, ශානි අබේසේකර මහතා ප්‍රංශයට ගොස් අසාද් මව්ලානාගෙන් ප්‍රකාශයක් ලබාගත් බව අධිකරණයට දැන්නුවද, ඔහු කිසිදු අවස්ථාවක තානාපති කාර්යාලයට ගොස් එම ප්‍රකාශය ලබාගෙන නොමැති බවයි. එසමයේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයෙකු නොසිටි අතර, තානාපතිවරයා වෙනුවෙන් ලබාගත් නිල නිවසක මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇති බවත්, එය අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ කුඩා අකුරින් එම සටහන තබමින් නීතිවිරෝධී ලෙස බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.​මෙම ක්‍රියාමාර්ගය හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා අඛණ්ඩව රඳවා තබා ගැනීම සඳහා ගත් අත්තනෝමතික සහ නීති විරෝධී උත්සාහයක් බව හෙළි කළ නීතිඥවරයා, ශ්‍රී ලංකා නීතියට අනුව මෙලෙස ස්වාධීනව තානාපති නිවසකදී ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේදැයි ප්‍රශ්න කළේය. තවද, විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා විසින් ගොනු කරන ලද රිට් පෙත්සමට අදාළව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ඉදිරිපත් කරන ලද අතරමැදි පෙත්සමේද අසත්‍ය ප්‍රකාශ අඩංගු වී ඇති බවට ඔහු බරපතළ චෝදනා එල්ල කළේය.

What's your reaction?

Related Posts

1 of 1,302

Leave A Reply

Your email address will not be published. Required fields are marked *