ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යාවෙන් රතු නිවේදනයක්

අද (07) රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. විශේෂයෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ජනතාවට මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.​අදාළ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි නැඹුරුවක් පවතින බව කාලගුණ අංශ පෙන්වා දෙයි. එසේම, මෙම ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අදාළ ප්‍රදේශවල තාවකාලික තද සුළං තත්ත්වයන්ද අපේක්ෂා කළ හැකිය.​ගිගුරුම් සහිත වැසි සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු හා හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,320

Leave A Reply

Your email address will not be published. Required fields are marked *