පාන් පිටි මිල ඉහළ යාමත් සමඟ කෙටි ආහාර සහ පරාටා මිල ඉහළට

පාන් පිටි මිල ඉහළ යාමත් සමඟ කෙටි ආහාර සහ පරාටා මිල ඉහළ නැංවීමට තීරණය කර ඇත. ඊයේ දිනයේදී ආනයනකරුවන් විසින් පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 13 කින් ඉහළ නංවන බව නිවේදනය කළ අතර, අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් ප්‍රකාශ කළේ පාන් පිටි මිල සංශෝධනය වීමත් සමඟ මෙම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ නැංවීමට තීරණය කර ඇති බවයි. සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකින් පසු නව මිල ගණන් තීරණය කර ප්‍රකාශයට පත් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,389

Leave A Reply

Your email address will not be published. Required fields are marked *