“පිරිසිදු වෙරළ තීරයක් ආකර්ෂණිය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට නාවික හමුදාව දායක වෙයි

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ “පිරිසිදු වෙරළ තීරයක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ 2025 මාර්තු මස 01 වැනි දින සහ 08 වැනි දින දකුණු නාවික විධානය තුළ ආරම්භ කෙරුණු වෙරළ පිරිසිදු කිරීම සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය ලබාදීමට කටයුතු කෙරිණි.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම යථාර්තයක් කරගැනීමේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ස්ථාපිත ජනාධිපති කාර්යය සාධක බළකායේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබයි.

ඒ අනුව, 2025 මාර්තු මස 01 වැනි දින සහ 08 වැනි දින දකුණූ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ, කාවන්තිස්ස, නිපුන සහ රුහුණ යන ආයතන්ගේ සහභාගිත්වයෙන් ගාල්ල කොටුපවුර ආශ්‍රීත වෙරළ තීරය, හම්බන්තොට නගරයේ වෙරළ උද්‍යාන භූමිය, ගිංතොට පාලම අසල වෙරළ තීරයේ සිට රඡ්ගම දක්වා වෙරළ තීරය සහ රණවිරු ස්මාරකයේ සිට පල්ලිකුඩා දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීමෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය සඳහා මෙලෙස නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය ලබාදීම සිදු කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 608

Leave A Reply

Your email address will not be published. Required fields are marked *