​පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට සහනයක්: ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වසර 3ක ඖෂධ පරිත්‍යාගයක්!

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් ඉදිරි වසර තුන සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ලබා දීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් අතර විශේෂ ගිවිසුමක් නුදුරේදීම අත්සන් කිරීමට නියමිතය. ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සේනක තලගල මහතා මෙම ඉදිරි ගිවිසුම පිළිබඳව තහවුරු කළ අතර, මෙරට කුඩා දරුවන්ගේ පිළිකා මර්දන කටයුතු සඳහා අවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහා මෙම පියවර අතිශය වැදගත් වන බව ඔහු පෙන්වා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 901

Leave A Reply

Your email address will not be published. Required fields are marked *