ඉහළ යන ජීවන වියදම සහ පොදු සේවාවන්හි පවතින දුර්වලතාවන්ට විරෝධය පළ කරමින් ඉතාලිය පුරා දැවැන්ත වැඩවර්ජන මාලාවක් ක්‍රියාත්මක වීමත් සමඟ අගමැතිනී ජෝර්ජියා මෙලෝනිගේ රජය දැඩි දේශපාලන හා ආර්ථික පීඩනයකට ලක්ව සිටී. එරට ප්‍රධානතම වෘත්තීය සමිතියක් වන CGIL සංවිධානය විසින් කැඳවන ලද මෙම විරෝධතාවන්ට සේවකයින් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් ද විශාල වශයෙන් එක්ව සිටිති.සැබෑ වැටුප් පහත වැටීම, ආර්ථික අසමානතාව සහ දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමට රජය අපොහොසත් වීම මෙම විරෝධතාවලට ප්‍රධාන හේතු වී තිබේ. 2027 අයවැය මගින් ජනතා ගැටලුවලට නිසි විසඳුම් නොලැබෙන බව වෘත්තීය සමිති නායක මොරීසියෝ ලැන්ඩිනි පෙන්වා දෙන අතර, මේ වන විට රජයේ ජනප්‍රියතාව 34% දක්වා පහත බැස ඇති බව ද වාර්තා වේ.ආර්ථික වර්ධනය මන්දගාමී වීම සහ උද්ධමන අවදානම හමුවේ ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට මුහුණ දීම මෙලෝනිගේ සභාග රජයට දැඩි අභියෝගයක් වී ඇත. මෙම මහජන අතෘප්තිය හමුවේ විපක්ෂය දේශපාලනිකව ශක්තිමත් වීම ඉතාලියේ ඉදිරි දේශපාලන බලතුලනය කෙරෙහි සෘජුවම බලපානු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.



























