පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල අනුනායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (21) පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ගැටඹේ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. අපවත් වන විට 95 වැනි වියෙහි පසුවූ උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපතිතුමන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් පැමිණියහ.​ජාතික, ආගමික සහ සමාජීය අර්බුද හමුවේ නොබියව සිය මතය ප්‍රකාශ කළ යතිවරයන් වහන්සේනමක් ලෙස උන්වහන්සේ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූහ. මෙම පූජෝත්සවය හේතුවෙන් මහනුවර සහ ගැටඹේ ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,388

Leave A Reply

Your email address will not be published. Required fields are marked *