පොලිස් දෙපාර්තමේන්තුව නවීකරණය කිරීමේ අරමුණින් සකාර පොලිස් අධිකාරීවරුන් 400 දෙනෙකුට විද්‍යුත් මෝටර් රථ ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඊට අමතරව, ඊට පහළ නිලධාරීන් සඳහා විද්‍යුත් යතුරුපැදි බෙදාදීමට අදාළ අයදුම්පත් කැඳවීම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.මේ අතර, ඉන්දීය ණය ආධාර යටතේ කැබ් රථ ලබාදීමට අමතරව තවත් කැබ් රථ 200ක් සඳහා ටෙන්ඩර් ප්රදානය කර තිබේ. පොලිස් නිලධාරීන් 85,000ක් වෙනුවෙන් 2027 අයවැය හරහා විශේෂ අවදානම් දීමනාවක් හඳුන්වා දීමටත්, අත්තිඩිය පොලිස් විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමටත් ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



























